2. දුක නිපාතය ථෙර ගාථා

0
2. දුක නිපාතය
1. පඨමවග්ගො
1. උත්තර ථෙර ගාථා


121
“නිත්‍යවූ කිසි භවයක් නැත. සදාකාලිකවූ සංස්කාරයෝ හෝ නැත්තාහ. ඒ සම්බන්ධ කෙනෙක් ඔබමොබ උපදින්නාහුද චුතවන්නාහුද වෙත්.
122
“මේ දෝෂය දැක භවය වුවමනා නොවූවෙක් වූවෙමි. සියළු කාමයන් අත්හළෙමි. මා විසින් කෙලෙස් නැතිකිරීම ලබනලදී.”
ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
2. පිණ්ඩොලභාරද්වාජ ථෙර ගාථා
123
මේ ජීවිතය අයහපතින් නොපිනවමි. ආහාරය සිතයට යහපත ගෙන නොදේ. ශරීරය ආහාරය නිසා පවත්නේය. මෙසේ දැක ආහාර සෙවීම කරමි.
124
කුලයන්හි යම් මේ වැඳීමක් පිදීමක් ඇද්ද, එය ක්ලේශ මඩකැයි කීවාහුය. සියුම් උල ඇදීම පහසු නොවේ. නින්දිත පුරුෂයා විසින් සත්කාරය දුරුනොකළ හැකිය.
ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
3. වල්ලිය ථෙර ගාථා
125
“වඳුරෙකු මෙන් දොරටු පසක් ඇති ගෘහයට ඇතුල්ව ක්ෂණයක් ක්ෂණයක් පාසා ස්පර්ශ කරමින් දොරින් දොර කරකැවේද,
126
“සිත් නමැති වඳුර සිටින්න. නොදුවන්න. තොපට ඒ දිවීම පෙර සේ නැත නුවණින් පෙළුවෙහිය. ඈතට නොම යන්නෙහිය.”
4. ගංගාතීරිය ථෙර ගාථා
127
“මා විසින් තල්කොළ තුනකින් ගංගානම් ගඟ අද්දර කුටියක් කරණලද්දේය. මාගේ පාත්‍රයද මළවුන්ට දිය ඉසින බඳුනක් වැන්න. සිවුරද පාශුකූලයකි.
128
“වස් දෙකක් අතරෙහි මා විසින් එකම වචනයක් කියනලද්දීය. තුන්වෙනි වස් කාලයෙහි අවිද්‍යාව පලනලදී.”
5. අජිත ථෙර ගාථා
129
“ඉදින් ත්‍රිවිද්‍යා දන්නේද, මරණය දුරුකෙළේද, ආශ්‍රව රහිතවූයේද, අප්‍රකටයයි බාලයෝ ඔහුට අවමන් කෙරෙත්.
130
“මේ ලොකයෙහි යම් පුද්ගලයෙක් ආහාරපාන ලබන්නෙක්වේද, ඉදින් පවිටු ස්වභාව ඇත්තේද ඔවුන් විසින් හෙතෙම සත්කාර කරණලද්දේවේ.
6. මෙලජින ථෙර ගාථා
131
“යම්කලෙක්හි මම ශාස්තෘන්වහන්සේ විසින් කියන්නාවූ ධර්මය ඇසූයෙම්ද, කෙලෙසුන් විසින් නොපරදවනලද සර්වඥයන්ට සැකයක් මට නොවෙයි.”
132
7. රාධ ථෙර ගාථා
133
“හොඳින් සෙවෙලි නොකළ ගෙයකට වර්ෂාව වදීද එසේම නොවැඩූ සිත රාගයෙන් යට කොට ගනියි.
134
“යහපත්කොට සෙවෙලි කරණලද ගෙයට වර්ෂාව නොවදීද, එසේම පුරුදුකළ සිත රාගය යටකොට නොගනියි.”
8. සුරාධ ථෙර ගාථා
135
“මාගේ උත්පත්තිය ක්ෂයවිය මාර්ගබ්‍රහ්මචර්යාව වැස නිමවූයෙමි. දැලක් හා සමාන දෘෂ්ටිය හා අවිද්‍යාව නැතිවිය. නසනලදිමි.
136
“යමෙක් නිසා ගිහිගෙන් නික්ම ගෙයක් නැතැයි කියනලද ශාසනයෙහි පැවිදිවූයෙම්ද සියළු බැමි කැඩීමෙන් මා විසින් ඒ යහපතට පැමිණියෙමි.
9. ගොතම ථෙර ගාථා
137
“හැමකල්හි ඒකාන්තයෙන් රැකිය යුතු යම් තැනැත්තියන් කෙරෙහි සත්‍යය දුර්ලභද, ඒ ස්ත්‍රීන් කෙරෙහි මුනීහු නොබැඳෙත්, සැපසේ හොවිත්.
138
“එම්බල කාමය, නුඹගේ කරදරය අවසන් කෙළෙමි තොපට දැන් ණයක් නැත. යම් තැනකට ගොස් ශොක නොකරම්ද, දැන් ඒ නිවනට යමු.”
10. වසභ ථෙර ගාථා
139
“(කුහකතෙමේ) තමා මුලින් නසයි. පසුව හෙතෙම අනුන් නසයි. වැදිතෙමේ විතංස (අත්තටු කැපූ) පක්ෂියාගෙන් මෙන් තමා විශේෂයෙන් නසී.
140
“පිටත පෙනීමෙන් බ්‍රාහ්මණයෙක් නොවේ. ඇතුළත පිරිසිදුකමින් බ්‍රාහ්මණයෙක් වේ. යමකු කෙරෙහි පවුකම් පෙණේද, සුජම්පතිය, හෙතෙම හීනපුද්ගලයෙකි.”
වග්ගො පඨමො නිට්ඨිතො.
2. දුතියවග්ගො
1. මහාචුන්ද ථෙර ගාථා
141
“ඇසීමෙන් උගත්දෙය වැඩෙන්නේය, උගත්දෙය නුවණෙ ්වැඩීමයි. නුවණින් යහපත දැනගනියි. දන්නාලද යහපත සැප පිණිසවේ.
142
“විවේක සෙනසුන් ආශ්‍රය කරව්. බැමිවලින් මිදුනු සිත් ඇතිව හැසිරෙව්, ඉදින් එහි ඇලීමකට නොපැමිණෙන්නේද, රක්නාලද සිත් ඇත්තන්වී සිහි ඇතිව සංඝයා වෙත වසව්.”
2. ජොතිදාස ථෙර ගාථා
143
“දරුණු වැඩ කරණ මනුෂ්‍යයෝ සමපටින් හිස බැඳීමෙන්ද, නොයෙක් අනුන් නසන ක්‍රමවලින් මිනිසුන් පෙළත්ද,
144
ඔව්හුද ඒ කර්මයෙහි වැටෙත්. කර්මය නම් විපාක නොදී පහනොවෙයි. මනුෂ්‍යතෙමේ යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරයිද, යමක් කරයිද, ඊට ඒ ඒ කර්මයේ ඵල යන්නේ වේ.”
3. හෙරඤ්ඤකානි ථෙර ගාථා
145
“රෑ දවල් දෙක වහවහා ඉක්මෙයි. ප්‍රාණයද ක්ෂණික මරණයෙන් මැරෙයි. පරමායුෂ අඩුවෙයි. කුඩා ගංගාවල ජලය මෙනි.
146
“එහෙයින් පව්කරණ මෝඩයා විපාකය නොදනී. පසුව ඔහුට දුකක්මවේ. විපාකය නම් පවිටුය.”
4. සොමදත්ත ථෙර ගාථා
147
“කුඩා දරකඩකට නැගී මහමුහුදෙහි යම්සේ ගිලේද එසේ කම්මැලියා වෙත පැමිණ යහපත්ව ජීවත්වන්නේද ගිලේ, එහෙයින් කම්මැලිවූ වීර්යය නැති ඔහු දුරුකරන්නේය.
148
“කාය විවේකයෙන් යුක්තවූ හා කෙලෙසුන්ගෙන් වෙන්වූ නිවන්වෙත යොමුකළ ජීවිත ඇති ධ්‍යානකරණ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් හා වාසය කරන්නේය.
5. සබ්බමිත්ත ථෙර ගාථා
149
“මෝඩ මනුෂ්‍යතෙමේ අන්මනුෂ්‍යයෙකු සමග ආශාවෙන් බැඳෙනලදී. මනුෂ්‍යයාම මනුෂ්‍යයා ඇසුරුකොට සිටී. මනුෂ්‍යයා මනුෂ්‍යයෙකු විසින් පෙළනු ලබයි. මනුෂ්‍යයා මනුෂ්‍යයාට බාධා කරයි.
150
“මනුෂ්‍යයෙකුට මනුෂ්‍යයෙකු විසින් පීඩා කිරීමෙන් කිනම් ප්‍රයෝජනද? මවුපියන්වී ඉපදීමෙන් ඇති ඵල කවරේද? බොහෝ ජනයා පෙළාසිටි තෘෂ්ණාව හැරදමා ජනයා හැර යන්නෙමි.”
6. මහාකාල ථෙර ගාථා
151
“කපුටු පැහැ ඇති මහත් ශරීර ඇති කාලී නම් ස්ත්‍රිතොමෝ මළසිරුරක කලවය බිඳ, අනික් කලවයද බිඳ, අතද බිඳ, අනික් අතද බිඳ හිසද බිඳ මිදුනු කිරි සැළියක් මෙන් හිස් මිදුළු වගුරුවා,
152
“නැවත සම්බන්ධකොට සිටියාය. නොදන්නා යම්කෙනෙක් ඒකාන්තයෙන් කෙලෙස් උපදවයිද, නැවත නැවත දුකට පමුණුවයි. එසේහෙයින් දන්නා තැනැත්තේ කෙලෙස් රැස් නොකරන්නේය. නැවත මා හිස සුන් මළකඳක්ව වාසය නොකරන්නෙමි.”
7. තිස්ස ථෙර ගාථා
153
“ආහාරපාන වස්ත්‍ර සෙනසුන් බොහෝ ලබන සිවුරු දරණ හිස මුඩුකළ තැනැත්තේ සතුරන් ලබයි.
154
“මෙසේ මහා බයක්වූ සත්කාරයන්හි මහත් දොෂය දැන ලාභ නැති තෘෂ්ණාව අත්හැරී මහණ සිහි ඇතිව පිරිනිවන් පාන්නේය.”
8. කිම්බිල ථෙර ගාථා
155
“ප්‍රාචීනවංශ නම් වනයෙහි යහළු ශාක්‍යපුත්‍රයෝ නොයෙක් වස්තු අත්හැර සිඟීමෙන් පාත්‍රයෙහිවූ දෙයකින් යැපුනාහ.
156
“තට්ටු දාහක් වේද, සිය සිය ගණන් කෙත් ඇත්තේද, එහි කොඩි ඇත්තේද, රනින් කළේද, එහි නැටුම් කරුවන් සත් තැනක නැටුවාහුද, (එබඳු පනාද නම් රජෙක් විය.)”
9. නන්දත්ථෙරගාථා
157
158
10. සිරිමත්ථෙරගාථා
159
160
වග්ගො දුතියො නිට්ඨිතො.
3. තතියවග්ගො
1. උත්තරත්ථෙරගාථා
161
162
2. භද්දජිත්ථෙරගාථා
163
164
3. සොභිත ථෙර ගාථා
165
“සිහි ඇත්තාවූ, නුවණ ඇති, ශ්‍රද්ධාදී බල හා සම්‍යක් ප්‍රධාන වීර්ය ඇති භික්ෂුවක් වීමි. මම පන්දහසක් කල්ප එක් රාත්‍රියක සිහි කෙළෙමි.
166
“සතර සතිපට්ඨානද සප්ත බොධ්‍යංගද ආර්ය අෂ්ටාංගික මාර්ගයද වැඩීම් හෙතුවෙන් පන්දහසක් කල්ප එක් රාත්‍රියක සිහි කෙළෙමි.”
4. වල්ලිය ථෙර ගාථා
167
“දැඩි වීර්යයෙන් යමක් කටයුතුද, අවබොධ කරනු කැමැත්තන් විසින් යමක් කටයුතුද එය කරන්නෙමි. ධර්මය නොවරද්දන්නෙමි. යහපත් වෑයම බලන්න.
168
“ඔබද මට ඍජුවූ නිවණට පමුණුවන මාර්ගය කියන්නෙහිය. ගඟ සැඩපහරක් සාගරයට මෙන් මාර්ග ප්‍රඥාවෙන් නිවන දකිමි.”
5. වීතාසොක ථෙර ගාථා
169
“මාගේ කෙස් කපන්නෙමියි කපුවා (කරනවෑමියා) ආවේය. ඉක්බිති කන්නාඩියක් රැගෙන ශරීරය බැළුවෙමි.
170
“ශරීරය හිස්බව දුටුවෙමි. අන්ධකාරයක් ඇතිවිය. සියලු කෙලෙස් මුල සුන් කරණ ලදී. නැවත ඉපදීමක් දැන් නැත.”
6. පුණ්ණමාස ථෙර ගාථා
171
“නිවනට පැමිණීමට පඤ්චනීවරණ ධර්ම අත් හැර විදර්ශනා නුවණ නැමැති තමන්ගේ ධර්ම කන්නාඩිය ගෙන,
172
“ඇතුලතවූද පිටතවූද මේ සියලු ශරීර බැලුවෙමි. ඇතුළතද පිටතද හිස් ශරීරය දුටුවෙමි.”
7. නන්දක ථෙර ගාථා
173
“යහපත් ආජානීය ඇත් රජ යම්සේ හැපී නවතීද බොහෝසේ සංවෙගයට පැමිණි සිත ශක්තිමත් කොට බර උසුලාද?
174
“එසේ මා මාර්ග ඥානයෙන් යුත් බුද්ධශ්‍රාවකවූ බුදුන්ගේ ඖරස පුත්‍රවූ මා ඇතෙකු කොට දරව්.”
8. භරත ථෙර ගාථා
175
“නන්දකය එනු මැනව, උපාධ්‍යායවූ බුදුන් වෙත යමු. බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේ ලඟ සිංහනාද කරමු.
176
“යම් කරුණක් පිණිස අපට අනුකම්පාවෙන් බුදුන් වහන්සේ අප පැවිදි කළ සේක්ද සියලු රැහැන් කැඩීමෙන් අපි ඒ අදහසට පැමිණියෙමු.”
9. භාරද්වාජ ථෙර ගාථා
177
“පර්වත ගුහාවෙහි සිංහයන් මෙන් නුවණ ඇති දිනනලද කෙලෙස් යුද්ධ ඇති වීරයෝ සෙනා සහිත මාරයා නසා සිංහනාද කරත්.
178
“මට ශාස්තෲන් වහන්සේ පුරුදුය, මා විසින් ධර්මයද සංඝයාද පුදන ලදී. කෙලෙස් නැති පුත්‍රයෙකු දැක මමද වස්තු සහිතවූයේ සතුටුවූයේ වෙමි.”
10. කණ්හදින්න ථෙර ගාථා
179
“සත්පුරුෂයන් ආශ්‍රය කරණලදී. ධර්මය නිතර ඇසීමි. නිවන පිහිටීම්කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය අසා පිළිපදින්නෙමි.
180
“මා විසින් භවරාගය නැසුයේම මට භවරාගය නැවත නූපදී. ඒ භවරාගය නොවීමි. මට නොවන්නේය. දැනුදු විද්‍යමාන නොවේ.”
වග්ගො තතියො නිට්ඨිතො.
4. චතුත්ථවග්ගො
1. මිගසිර ථෙර ගාථා
181
යම් දවසක සිට මම බුද්ධ ශාසනයෙහි පැවිදිවූයෙම්ද, මිදෙමින් නැගිටින්නේ කාම ධාතුව ඉක්ම වීමි.
182
“බ්‍රහ්ම නමැති බුදුන් දක්නාවූ මාගේ සිත සියළු කෙලෙසුන්ගෙන් මිදුනේය. සියලු සංයොජනයන් ක්ෂයවීමෙන් මාගේ සිතේ මිදීම බාධා නොවීය.”
2. සීවක ථෙර ගාථා
183
“ඒ ඒ භවයන්හි නිතර නිතර ඉපදීම් නැමැති ගෙවල් අනිත්‍යය. ඒ ගෙවල් ගනිමින් ගෙවල් හදන වඩුරාළ නමැති තෘෂ්ණාව සොයමින් හැසුරුනෙමි.
184
“ගෙවල් හදන්නා දක්නාලදී. නැත ගෙවල් නොහදන්නෙහිය, ඔබගේ සියලු පරාල බිඳින ලදී. ගෙයි කර්නිකාව (කැණිමඬල) පලන ලදී. මගේ සිත නැත නූපදින තත්ත්වයට පැමිණිවූයෙමි. මේ ආත්මභාවයෙහිම නැති කරන්නේය.”
3. උපවාන ථෙර ගාථා
185
“ලොකයෙහි අර්හත්වූ යහපත් ගමන් ඇති මුනිතෙමේ වාතයන් කිපීමෙන් ලෙඩ වූයේය. බමුණ, ඉදින් උණුපැන් ඇත්නම් බුදුන්ට දෙව.
186
“පුදනු ලබන්නන්ගේ පූජ්‍යවූ සත්කාර කරන්නන්ගේ සත්කාරයට යොග්‍යවූ සැළකිළි කරන්නන්ගේ සැළකිල්ලට භාජනවූ උන්වහන්සේගේ අසනීපය වෙනුවෙන් යන්නට කැමැත්තෙමි.”
4. ඉසිදින්න ථෙර ගාථා
187
“මැණික් කුණ්ඩලාභරණයන්හි බලවත් රාගයෙන් ඇලුනාවූද, අඹුදරුවන් කෙරෙහි ආශා ඇත්තාවූද කාමයන් අනිත්‍යයයි කියන්නාවූ ධර්මධර උපාසකයෝ මා විසින් දක්නා ලදී.
188
“ඒකාන්තයෙන් ඒ උපාසකයෝ කාමයන් අනිත්‍යයයි කීවාහුද, ඔව්හු ඒකාන්තයෙන් මේ බුද්ධශාසනයෙහි ධර්මයවූ පරිදි නොදනිත්. ඔවුන්ට රාගය සිඳින්නට ශක්තියක් නැත එහෙයින් අඹුදරුවන්ද ධනයද ඇසුරු කළාහ.”
5. සම්බුල කච්චාන ථෙර ගාථා
189
“වර්ෂාව වසියි. වර්ෂාව “ගල ගල” යන නාදය පතුරුවයි. භයජනක ගුහාවෙහි තනිව වසමි.
190
“තනිව භයජනක ගුහාවෙහි වසන ඒ මට බියක්වත් තැතිගැන්මක්වත්, ලොම් කෙලින් සිටීමක්වත්, නැත තනිව භයජනක ගුහාවෙහි වසන මට බයක්වත් තැතිගැන්මක්වත් ලොම් කෙලින් සිටීමක්වත් නැත්තේද, මේ මාගේ ස්වභාවයි.”
6. ඛිතක ථෙර ගාථා
191
“ස්ථිරභාවයට පත්වූ යමෙකුගේ ගලක් වැනිවූ, සිත කම්පා නොවේද? ආර්යමාර්ගයෙන් ඇලුම් කටයුතු ධර්මයන්හි නොඇලුනේද, කෝප විය යුතු දෙයෙහි නොකිපේද, මෙසේ යමෙකුගේ සිත වඩන ලද්දේද, ඔහු කොයින් දුකක් විඳිනේද?
192
“ස්ථිරවූ මගේ ගලක් වැනිවූ සිත කම්පා නොවේද, ඇලුම් කටයුතු ආර්ය මාර්ගයෙහි නොඇලේද, කොප විය යුතු දෙයෙහි නොකිපේද, මෙසේ මාගේ සිත වඩනලදී. මට කොයින් දුකක් පැමිණේද?”
7. සෙලිස්සරිය ථෙර ගාථා
193
“මේ නැකත් තරු මාලාවෙන් යුත් රාත්‍රියකි. මේ රාත්‍රියෙහි නිදීම සුදුසු නොවේ. ඤාණවන්තයා විසින් මේ රාත්‍රියෙහි තමා රකින්නට සුදුසුමය.
194
“ඉදින් ඇත් කඳින් වැටුනාවූ තැනැත්තා ඇතු විසින් පාගා මරාද, පැරදී ජීවත්වීමට වඩා මට යුද්ධයෙහිදී මරණය ශ්‍රෙෂ්ඨය.”
8. නිසභ ථෙර ගාථා
195
“ප්‍රියවූ සිත් අලවන පස්කම් සැප හැර ශ්‍රද්ධාවෙන් නික්මී දුක් කෙළවර කරන්නෙක් වෙව.
196
“මරණයට බිය නොවෙමි. ජීවිතයට ප්‍රිය නොවෙමි. සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව සිහි ඇතිව පිරිනිවන් පාන කාලයද සිහිකරමි.”
9. උසභ ථෙර ගාථා
197
(පෙර) “ඇතෙකු පිට සිට අඹ දළු සමාන පබළු පාට ඇති සිවුර අංශයකින් දරා ගමෙහි පිඬු පිණිස හැසුරුණෙමි.
198
“එකල්හි ඇතුපිටින් බැස කලකිරීමට පැමිණියෙමි. ඒ මම එකල්හි බැබලුණේ ශාන්තවූයේ මා විසින් කෙලෙස් ක්ෂයකිරීමට පමුණුවන ලදී.”
10. කප්පටකුර ථෙර ගාථා
199
“කප්පටකුර තෙමේ මේ මාගේ වස්ත්‍ර කැබැල්ලයයි ඇඳගන ඉතා බර බැවින් මාගේ ධර්මය ඒ ඒ තැන දෙශනා කරන කල්හි යම්තම් භාවනාවක් කරණ ලද්දේ, ධ්‍යාන භාවනා කරන්නට කරණ ලද, උත්සාහය ඇතිව සිටි ඔහුට චොදනාකොට,
200
“කප්පටකුරය, නුඹ නොනිදව. තොපගේ කණ සමීපයෙහි නොතලන්නෙමි. කප්පටය, සංඝයා මැද නිදන නුඹ කාලයේ වටිනාකම නොදන්නෙහිය”
වග්ගො චතුත්ථො නිට්ඨිතො.
5. පඤ්චමවග්ගො
1. කුමාර කස්සප ථෙර ගාථා
201
“යම් තැනෙක මෙබඳු ධර්මයක් ශ්‍රාවකතෙමේ අත්දකීද? බුදුවරු ආශ්චර්යයි, ධර්මයෝ ආශ්චර්යයි. අපගේ ශාස්තෲන්වහන්සේගේ දශබලාදී සම්පත්ති ආශ්චර්යයි.
202
“අසංඛ්‍ය ගණන් කල්පයන්හි පඤ්චස්කන්ධය ලැබුවාහු ද, ඔවුන් අතරින් මේ අන්තිමයයි. මේ අන්තිම ශරීරයයි. සංසාරය ඉපදීම මරණය සහිතයි, දැන් නැවත ඉපදීමක් නැත.”
2. ධම්මපාල ථෙර ගාථා
203
“යම්කිසි තරුණ භික්ෂුවක් බුද්ධශාසනයෙහි ඇත්තෙන් ඇලේද, නිදාසිටින්නවුන් අතරෙහි අවදිව සිටියේද, ඔහුගේ ජීවිතය හිස් නැත.
204
“එහෙයින් බුදුන්ගේ අවවාදය සිහිකරන ඤාණවන්තයා ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, චතුරාර්යසත්‍ය ධර්මය දැකීමද, යන මෙහි යෙදෙව්.”
3. බ්‍රහ්මාලි ථෙර ගාථා
205
“අස්ගොව්වා විසින් යහපත්ව දමනයකළ අශ්වයන් මෙන් යමෙකුගේ ඉන්ද්‍රියයෝ සන්සිඳීමට පැමිණියාහුද, මානය ප්‍රහීන කළ කෙළෙස් නැත්තාවූ නොසැලෙන උන්වහන්සේට දෙවියෝ ද ප්‍රශංසා කරත්.
206
“අස්ගොව්වා විසින් යහපත්ව දමනය කළ අශ්වයන් මෙන් මගේ ඉන්ද්‍රියයෝ සංසිඳීමට ගියාහුද, මානය ප්‍රහීන කළ කෙලෙස් නැති නොසැලෙන මට දෙවියෝද, ස්තුති කරත්.”
4. මොඝරාජ ථෙර ගාථා
207
“අපවිත්‍ර සමක් ඇති යහපත් සිතක් ඇති නිතර භාවනා කරණ සිත් ඇති මොඝරාජය, සීත කාලයෙහි හිම වැටෙන රාත්‍රීහු පැමිණේ, මහණ, නුඹ කෙසේ ධ්‍යාන කරන්නෙහිද?
208
“මුළු මගධ රට ධාන්‍යයෙන් පිරුණේයයි මා විසින් අසනලදී. යම් අනික් මහණ කෙනෙක් සැපසේ ජීවත් වේද, පිදුරු ගොඩකින් වසාගෙන සයනය කරන්නෙමි”
5. විශාඛ ථෙර ගාථා
209
“තමා උසස්කොට නොසිතයි. අනුන් පහත් නොකරයි. පරතෙරට ගියහුට ක්‍රොධයෙන් හිංසා නොකරන්නේය. පිරිස්හි තමාගේ ගුණය ප්‍රකාශ නොකරන්නේය. නොසන්සුන්කමින් දුරුවූයේ ප්‍රමාණවත් වචන ඇත්තේ යහපත් සිරිත් ඇත්තෙක් වන්නේය.
210
“අතිශයින් සියුම් අර්ථ දැනීමෙහි දක්ෂවූ යටත් පැවතුම් ඇති ඉතා දක්ෂ වැඩිමහල්ලන් ආශ්‍රයකොට පුරුද්දක් ඇති ඔහුට නිවනට පැමිණීම පහසුය.”
6. චූලක ථෙර ගාථා
211
“යහපත් කුඩුම්බියක් ඇති, යහපත් පිල් කළඹක් ඇති, නිල් බෙල්ලක් ඇති, යහපත් මූණක් ඇති, යහපත් නාදයක් ඇති, මොණරු නාද කරත්. මේ මහපොළව නිල්තණින් වැසුණේය. වස්නා ලද ජලය ඇත්තේය. අහස වලාකුලින් ගැවසීගත්තේය.
212
“ධ්‍යාන කරන්නාවූ යහපත් සිත් ඇත්තාහට යහපත් ස්වභාවයක් ඇත්තේය. යහපත් බුද්ධශාසනයෙහි යහපත් හික්මීමක් වන්නේ යහපති. අතිශයින් සුදුවූ සියුම්වූ දැකීමට නොහැකිවූ ඒ උතුම් නිවන් පදවිය ස්පර්ශකරව,”
7. අනූපම ථෙර ගාථා
213
“දුක් නැමැති උලෙහි සිටි සතුටුවෙමින් ආවාවූ මේ සිත තණ්හා නැමැති හුල යම් තැනකද ඒ පව් සිතින්ම ආවේය.
214
“මම ඒ සිතේ කාලකණ්ණිකමයයි කියමි. එය සිතේ ද්‍රෝහිකමයයි කියමි. තොප විසින් ශාස්තෲන් වහන්සේ දුකසේ ලබනලදී. මේ ශරීරය අනර්ථයෙහි නොයොදව.”
8. වජ්ජිත ථෙර ගාථා
215
“දීර්ඝකාලයක් සැරි සරනා අන්ධයන් වැනි පෘථග්ජනයා ආර්ය සත්‍යයන් නොදක්නේ සුගති දුර්ගතීන්හි හැසිරෙන්නේය.
216
“අප්‍රමාදවූ ඒ මගේ සංසාරය මුල්සුන් කරණලදී. සියලු ඉපදීම් සිඳිනලදී. නැවත ඉපදීමක් නැත.”
9. සන්ධිත ථෙර ගාථා
217
“හොඳට වැඩුණු නිල් පැහැයෙන් බබලන ඇසතු රුක්මුල සිහි ඇත්තේ බුදුන් අරමුණුකොට එකම සිහිය ලැබූවෙමි.
218
“මින් තිස්එක්වන කල්පයෙහි යම් හැඟීමක් ලබන ලද්දේද, ඒ සංඥාවගේ වාසනාවෙන් ආශ්‍රවක්ෂයට පැමිණියෙමි.”
වග්ගො පඤ්චමො නිට්ඨිතො.
දුක නිපාතය නිමි
    

Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top