9. නවක නිපාතය

0
9. නවක නිපාතය
1. භූතත්ථෙර ගාථා
518
“දිරීම හා මරණය අඥානවූ පෘථග්ජනයා දුකක්කොට නොදැන, එහිම ඇලී වෙසෙයි. පණ්ඩිත පුරුෂයා දුක පිරිසිඳ දැන සිහියෙන් ධ්‍යාන වඩයි හෙතෙම ඊටවඩා උත්ත මරතියක් (මාර්ගඵල රතිය) නොදනියි.
519
“යම්තාක් දුකට හේතුවූ විසත්තිකා නම්වූ රාගමානාදී වශයෙන් පවතින ප්‍රපඤ්ච ධර්මයෝද ඊටම අනුව පවතී. ඒ තෘෂ්ණාව පහකොට සිහියෙන් ධ්‍යාන කෙරේද, හෙතෙම ඊට වඩා උතුම් රතියක් නොවිඳියි.
520
“ක්ෂෙමභාවය පිණිස පවතින සියලු කෙලෙසුන් ශොධනය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය යම්කලෙක්හි ප්‍රඥාවෙන් දැක සිහියෙන් ධ්‍යාන කෙරේද, හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.
521
“ශෝක නැති, කෙලෙස් රජස් නැති හේතුවකින් නූපන් සියලු කෙලෙස් ශෝධනය කරන සංයෝජන බැඳුම් සිඳින යම් නිර්වාණ පදයක් වඩාද හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.
522
“යම්සේ අහස්තලය සෑම තැන මේඝ ගර්ජනා වැසී ධාරාවෝ පවතිද්ද, එසේම භික්ෂුවක් පර්වත ගුහාවලට ගොස් ධ්‍යාන කරයි. එහෙයින් ඒ භික්ෂුතෙම උත්තම ඊට වඩා රතියක් නොවිඳියි.
523
“මලින් ගැවසීගත් (ගංගාවක් මෙන්ද, වනමලින් ගැවසීගත් වනයක් මෙන්ද, කොට සලකා යහපත්වූ සිත් ඇත්තේ ධ්‍යාන කෙරෙයි. හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.
524
“ජනයාගෙන් වෙන්වූ වනයෙන් සිංහ ව්‍යාඝ්‍රාදී සත්වයෝ සතුටින් වෙසෙත්ද, එසේම භික්ෂුවද පර්වත ගුහාවෙහි ධ්‍යාන කෙරෙයි. හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.
525
“කාම විතර්ක ආදී මිච්ඡා විතර්ක වළක්වා පර්වත අතර පිහිටි පර්වත ගුහාවන් ඇසුරුකොට කෙලෙස් වඩා දුරුකිරීමෙන් ප්‍රහීනවූ සිත්හි තද බැව් පහකොට ධ්‍යාන සැපයෙන් සැපවත්වූයේ වෙසෙයි. හෙතෙම ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.
526
“යම්හෙයකින් රාගාදී මලයෝද සිත්හි තද බැව්ද, ඥාති ශොකාදිය පහකොටද, අවිද්‍යාව හා තෘෂ්ණාවත් නසා සියලු ආශ්‍රවයන් ක්ෂයකොට ධ්‍යාන කෙරේද, ඔහු ඊට වඩා උත්තම රතියක් නොවිඳියි.”
නවවෙනි නිපාතය නිමි.
    

Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top