"කුණ්ඩලීවිමාන කථාව "
“අලංකාරවූ මාලා දරන්නාවූ පත්කොට හැඳපැළඳ කුණ්ඩලාභරණ ඇතිව කපනලද දැලි රැවුල් ඇතිව, මුතු සහිත හස්තාභරණ ඇතිව යසසින් යුක්තව දිව්‍යවිමානයෙහි චන්ද්‍රයා මෙන් සිටින්නෙහිය.
“යහපත්වූ දිව්‍ය වීණා වාදනය කරත්ද, මෙහි හික්මුණවූ යහපත් ස්වභාවය ඇති අටදෙනෙක් බැගින්වූ කොටස් අටක්වූ තව්තිසාවැසි මහත්වූ දිව්‍ය කන්‍යාවෝ නටත්, ගී කියත්, සතුටුවෙත්
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
“මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්‍ය පුත්‍රතෙමේ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
“මම මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍යයෙක්වූයේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගෙන් යුක්තවූ බොහෝ උගත් තෘෂ්ණාව ක්ෂයකිරීමට පැමිණි පසැස් ඇත්තාවූ සිල්වත් ශ්‍රමණයන් දැක පැහැදුණ සිතින් ආහාරපානද සකස්කොට මහත් දානයක් දුනිමි.
“ඒ හෙතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හෙතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
"සුවර්ණ විමාණ කථාව"
“සතරදිග සත් රුවනින් නිමියාවූ තරප්පු සතරකින් හා නානාවිධ රත්නයෙන් නිර්මිතවූ නොයෙක් කාමරවලින් යුත් මේ විමානය සූර්යයා මෙන් බබළයි.
“නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තවූ යහපත්වූ නදුන් වනයෙහි දිව්‍යාංගනාවන්ගෙන් යුක්තව නෘත්‍ය ගීතවලින් ඇලෙමි.”
"මණිථූන විමාන කථාව"
"මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්‍යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
“එහි සිටින්නෙහිය. පානය කරන්නෙහිය. කන්නෙහිය යහපත්වූ දිව්‍ය වීණාවාදනය කරත්. මෙහි දිව්‍ය පඤ්චකාම ගුණයෝ ඇත්තාහ. රන්වන් ස්ත්‍රීහුද නටත්.
“මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්‍ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්‍යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්‍ය ඍද්ධියක් දිව්‍යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
“මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
“මම මනුෂ්‍යලෝකයෙහි මනුෂ්‍යයෙක් වූයේ කැළෑ පාරක සක්මනක් තැනුවෙමි. ආරාමය හා වෘක්ෂ රෝපණය කෙළෙමි. මට ශීලවන්තයෝ ප්‍රියවූහ. ආහාරපානද සකස් කොට පැහැදුන සිතින් මහත් දානයක් දුනිමි.
“ඒ හෙතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හෙතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි
"චිත්‍රලතා විමාන කථාව"
“තවුතිසා වැස්සන්ගේ ශ්‍රෙෂ්ඨ උයනවූ චිත්‍රලතා වනය යම්සේ බබළයිද, එබඳුවූ නුඹගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ.
“මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්‍ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්‍යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්‍ය ඍද්ධියක් දිව්‍යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
“මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
“මම මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යයෙක් වූයේ දිළිඳුවූ පිළිසරණක් නැත්තාවූ දුප්පත් කම්කරුවෙක්වීමි. වයොවෘද්ධවූ මවුපියන් පොෂ්‍ය කෙළෙමි. සිල්වත්තු මට ප්‍රිය වූවාහුය, ආහාරද, පානද පැහැදුනු සිතින් සකස්කොට මහත් දානයක් දුනිමි.
“ඒ හෙතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හෙතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
"උත්තරවිමාන කථාව"
“සක්දෙව් රජහුගේ සුධර්මා නම් යම් දිව්‍ය සභාවක් ඇද්ද, දිව්‍ය සමූහයා සමගිව යම් තැනක සිටීද, ඔබගේ එබඳුවූ මේ විමානය අහසෙහි බබළමින් සිටියි.
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
“මහා කාශ්‍යප තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්‍ය පුත්‍රතෙමේ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
“මම මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍යයෙක්වූයේ පායාසි රාජන්‍යයාගේ මෙහෙකරුවෙක් වීමි. ධනය ලැබ බෙදූයෙමි. මාගේ සිල්වත්තු ප්‍රියද වූවාහුය. පැහැදුණු සිතින් ආහාරද පානද සකස් කොට මහත් දානයක් දුනුමි.
“ඒ හෙතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හෙතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි
"තතිය පීඨ විමාන කථාව"
“යහපත් වස්ත්‍ර ඇති, අඳිනලද මල්මාලා සහිත සිතූ කෙණෙහි කැමැති තැනට ගමන් කරණ රන්වන් මහත් අලංකාර කළ පුටුව වලාකුල විදුලියකින් මෙන් බබලයි.
“මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
“මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළාය.
“යම් හෙතුවකින් මම දිලිසෙන ආනුභාව ඇත්තීද මේ මාගේ ස්වල්ප කුශල කර්මයක විපාකයයි. මම පූර්ව ජාතියෙහි මනුෂ්‍යලොකයෙහි මනුෂ්‍යයන් අතර මනුෂ්‍යයෙක් වූයේ වෙමි.
“අතිශයින් ප්‍රසන්න, නොකැළඹුණු කෙලෙස් රජස් නැති භික්ෂුවක් දුටිමි. උන්වහන්සේට පැහැදුනාවූ මම ස්වකීය අත්දෙකින් පුටුවක් දුනිමි.
“ඒ හෙතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හෙතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
අම්බවිමාන කථාව
“මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්‍යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
“එහි සිටින්නෙහිය. පානය කරන්නෙහිය. කන්නෙහිය යහපත්වූ දිව්‍ය වීණාවාදනය කරත්. මෙහි දිව්‍ය පඤ්චකාම ගුණයෝ ඇත්තාහ. රන්වන් ස්ත්‍රීහුද නටත්.
“මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්‍ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්‍යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්‍ය ඍද්ධියක් දිව්‍යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
“මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
“ග්‍රීෂ්මකාලයෙහි අවසාන මාසයෙහි සූර්යයා බබළන කල්හි අනුන්ගේ බැලයෙක්වූ පුරුෂතෙම අඹවනයට පැන් ඉසිමින් සිටියි.
“ඉක්බිති සැරියුත්යයි ප්‍රසිද්ධ භික්ෂුතෙම එතැනට ආයේය. උන්වහන්සේ කයින් ක්ලාන්තව සිටියේය. සිතින් ක්ලාන්තව නොසිටියේය.
“අඹගස්වලට පැන් වත්කරන්නාවූ මම එන්නාවූ උන්වහන්සේ දැක ස්වාමීනි, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස වන්නේද නුඹවහන්සේ නාවන්නෙම් නම් යෙහෙකැයි” කීයේය.”
“මට අනුකම්පා පිණිස උන්වහන්සේගේ පාත්‍ර සිවුරු බහා තැබූසේක. එක් සිවුරකින් යුතුව වෘක්ෂයක් මුල සෙවනෙහි වැඩසිටි සේක.
“අඹගස්වලටද පැන් ඉසිනලදී. භික්ෂුවද නහවනලදී. මා විසින්ද බොහෝවූ පින් රැස්කරණලදී. මෙසේ හෙතෙම තමාගේ මුළු සිරුර ප්‍රීතියෙන් පතුරුවයි.
“නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තවූ යහපත්වූ නදුන් වනයෙහි දිව්‍යාංගනාවන්ගෙන් යුක්තව නෘත්‍ය ගීතවලින් ඇලෙමි.”
ගෝපාල විමාන කථාව
“ශ්‍රමණතෙමේ බොහෝ කල් පවත්නා උස්වූ විමානයක මුතු පැළඳී වළලු ඇති යසස් ඇත්තාවූ දිව්‍ය විමානයෙහි චන්ද්‍රයා වැනිවූ දිව්‍ය පුත්‍රයා දැක මෙසේ විචාළේය,
“අලංකාරවූ මල්මාලා බර ඇත්තාවූ යහපත්ව හැඳ පැළඳි යහපත් කුණ්ඩලාභරණ ඇති, කපන ලද හිසකෙස් හා රැවුල් ඇති, මුතු පැළඳි වළලු ඇති, යසස් ඇති දිව්‍යවිමානයෙහි චන්ද්‍රයා වැනිය.
“යහපත්වූ දිව්‍ය වීණා වාදනය කරත්ද, මෙහි හික්මුණවූ යහපත් ස්වභාවය ඇති අටදෙනෙක් බැගින්වූ කොටස් අටක්වූ තව්තිසාවැසි මහත්වූ දිව්‍ය කන්‍යාවෝ නටත්, ගී කියත්, සතුටුවෙත්
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
“මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්‍ය පුත්‍රතෙමේ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
“මම මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍යයෙක් වූයේ අනුන්ගේ දෙනුන් එක්කොට රැක්කෙමි. මා සමීපයට ශ්‍රමණනමක් පැමිණියේය. ගවයෝද මෑවැල් කෑමට ගියෝය.
“ස්වාමීනි, මම ඒ වේලාවට වැඩ දෙකක් කටයුතුවිය. මෑ කෙත කෑම වැළැක්වීමත් දන්දීමත් යන දෙකයි. ඊටපසු නුවණින් සිහිය ලැබ ස්වාමීනි, ‘දන් දෙමියි’ රෙදි කැබැල්ල පසෙක තැබීමි.
“පෙර මේතෙමේ යමෙකුගේ ධනය අනුභව කරයිද ඒ මම යව කෙතට වහා ගියෙමි. ඉක්බිති මහත් විෂ ඇත්තාවූ කළු නයෙක් ඉක්මනට යන මගේ පා දෂ්ට කෙළේය.
“මම වෙදනාවට පත්වූයේ දුකින් පීඩිතවූයේ වෙමි. භික්ෂූන් වහන්සේ ඒ රෙදිකඩ වහා ඉවත්කර මට අනුකම්පාවෙන් පිට්ටුව පිළිගත්තේය. එයින් චුතවූයේ කළුරිය කෙළෙමි.
“මා විසින් ඒ කුශල කර්මයම කරණලදී. මා විසින් සැප විපාකවූ කර්මයක් අනුභව කරමි. ස්වාමීනි, නුඹවහන්සේ විසින් වහා අනුකම්පා කරනලදී. කළගුණ දැනීම නිසා ඔබවහන්සේට වඳිමි.
“මේ ලෝකයෙහි හෝ පරලෙව්හි හෝ නුඹවහන්සේ සමාන අනුකම්පා කරන්නෙක් නැත. ස්වාමීනි, නුඹවහන්සේ නිතර කෙළෙහිගුණ දන්නා බැවින් වඳිමි.”
ගොපාලවිමානං ඡට්ඨං.
.jpeg)