නිමොක්ඛ සූත්‍රය

0
. නිමොක්ඛ සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම ’’නිදුකාණනි ඔබ සත්වයන්ගේ නිමොක්ඛයත් (ආර්‍ය්‍ය මාර්‍ගය) පමෝක්ඛයත් (ආර්‍ය්‍ය ඵලය) විවේකයත් (නිර්‍වාණය) දන්නෝදැ ?’’ යි (ඇසීය)
’’ඇවැත්නි මම් වනාහි සත්ත්‍වයන්ගේ නිමෝක්ඛයත් පමෝක්ඛයත් විවේකයත් දනිමි.’’
’’නිදුකාණනි, සත්ත්‍වයන්ගේ නිමෝක්ඛය, විමෝක්ඛය, විවේකය, කුමකැයි ඔබ දන්නෝද?’’
’’තණහාව මුල්කොට ඇති භවය සර්‍වප්‍රකාරයෙන් ක්‍ෂයබවට පැමිණීමෙන්ද, සංඥාස්කන්‍ධ විඥානස්කන්‍ධයන්ගේ ක්‍ෂය බවට පැමිණීමෙන්ද, වේදනාවන්ගේ නිරුද්ධවීමෙන්, සංසිඳීයෑමෙන්ද මෙසේ සත්ත්‍වයන්ගේ නිමෝක්ඛය, පමෝක්ඛය, විවේකය වේයැයි මෙසේ, ඇවැත්නි, මෙය මම දනිමි’’ යි (භාග්‍යවතුන්වහන්සේ වදාළසේක,)

Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top