පාපක සීල සූත්‍රය

0
. පාපක සීල සූත්‍රය


“මහණෙනි, ධර්ම දෙකකින් යුක්තවූ පුද්ගලතෙම ගෙනඑනලද (බරක්) බිම බහා තබනලද්දේ යම්සේද, එපරිද්දෙන් නරකයෙහිවේ. කවර කරුණු දෙකකින්ද, ලාමකවූ ශීලයෙන්ද ලාමකවූ (මිථ්‍යා) දෘෂ්ටියෙන්ද (යන දෙකිනි.) මහණෙනි, මේ කරුණු දෙකින් වනාහි සමන්විතවූ පුද්ගලයා යම්සේ ගෙනඑනලද (බරක්බිම) බහාතබන ලද්දේවේද, එපරිද්දෙන් නිරයයෙහි වේයයි.මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් සත්වයෙක් තෙමේ ලාමක ශීලයෙන්ද ලාමක දෘෂ්ටියෙන්ද (යන) කරුණු දෙකින් යුක්ත වූයේවේද, දුෂ්ප්‍රාඥ වූ සත්ව තෙමේ කය බිඳීමෙන් නරකයට පැමිණේයයි.”

Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top