ස්ත්‍රීන් ව්මට හෙතුව

0


ස්ත්රිය ස්ත්රී භාවය නො ඉක්මවීම පිණිස වූ සංයෝගය (බැඳීම) කෙසේ වෙයි ද යත්;
ස්ත්රියක් ස්ත්රී ආකල්ප, ස්ත්රී සිතුවිලි, ස්ත්රී ආකාරය, ස්ත්රී කැමැත්ත, ස්ත්රී හඬ, ස්ත්රියක සේ සැරසීම ආදී වූ තම ස්ත්රී ඉන්ද්රිය මෙනෙහි කරයි. ඇය එහි ඇලී සතුටු වී පුරුෂ ආකල්ප, පුරුෂ සිතුවිලි, පුරුෂ ආකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂයෙකු සේ සැරසීම ආදී වූ බාහිර පුරුෂ ඉන්ද්රිය සිහි කරයි.
ඇය එහි ඇලෙයි. සතුටු වෙයි. ඇය එහි ඇලී එහි සතුටු වී බාහිර පුරුෂයා හා බැඳීමට බලාපොරොත්තු වෙයි. කැමති වෙයි.
ඒ බැඳීම හේතුවෙන් වූ යම් සුවයක් සොම්නසක් උපදී නම් එයට ද සතුටු වෙයි. මෙසේ ස්ත්රී භාවයෙහි ඇලී ගිය සත්වයා බාහිර පුරුෂයන් කෙරෙහි බැඳීමට ද යයි.
මෙසේ ස්ත්රිය ස්ත්රී භාවය නො ඉක්මවයි.
පුරුෂයා පුරුෂ භාවය නො ඉක්මවීම පිණිස වූ සංයෝගය (බැඳීම) කෙසේ වෙයි ද යත්;
පුරුෂයෙක් පුරුෂ ආකල්ප, පුරුෂ සිතුවිලි, පුරුෂ ආකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂයෙකු සේ සැරසීම ආදී වූ තම පුරුෂ ඉන්ද්රිය මෙනෙහි කරයි. ඔහු එහි ඇලී සතුටු වී ස්ත්රී ආකල්ප, ස්ත්රී සිතුවිලි, ස්ත්රී ආකාරය, ස්ත්රී කැමැත්ත, ස්ත්රී හඬ, ස්ත්රියක සේ සැරසීම ආදී වූ බාහිර ස්ත්රී ඉන්ද්රිය සිහි කරයි.
ඔහු එහි ඇලෙයි. සතුටු වෙයි. ඔහු එහි ඇලී එහි සතුටු වී බාහිර ස්ත්රිය හා බැඳීමට බලාපොරොත්තු වෙයි. කැමති වෙයි.
ඒ බැඳීම හේතුවෙන් වූ යම් සුවයක් සොම්නසක් උපදී නම් එයට ද සතුටු වෙයි. මෙසේ පුරුෂ භාවයෙහි ඇලී ගිය සත්වයා බාහිර ස්ත්රීන් කෙරෙහි බැඳීමට ද යයි.
මෙසේ පුරුෂයා පුරුෂ භාවය නො ඉක්මවයි.
මහණෙනි, මෙසේ සංයෝගය වෙයි.
ස්ත්රිය ස්ත්රී භාවය ඉක්මවීම පිණිස වූ විසංයෝගය (නො බැඳීම) කෙසේ වෙයි ද යත්;
ස්ත්රිය, ස්ත්රී ආකල්ප, ස්ත්රී සිතුවිලි, ස්ත්රී ආකාරය, ස්ත්රී කැමැත්ත, ස්ත්රී හඬ, ස්ත්රියක සේ සැරසීම ආදී වූ තම ස්ත්රී ඉන්ද්රිය මෙනෙහි නො කරයි. එහි නො ඇලී සතුටු නො වී පුරුෂ ආකල්ප, පුරුෂ සිතුවිලි, පුරුෂ ආකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂයෙකු සේ සැරසීම ආදී වූ බාහිර පුරුෂ ඉන්ද්රිය සිහි නො කරයි. ඇය එහි නො ඇලෙයි. සතුටු නොවෙයි. ඇය එහි නො ඇලී එහි සතුටු නොවී බාහිර පුරුෂයා හා බැඳීමට බලාපොරොත්තු නො වෙයි. කැමති නො වෙයි.
ඒ බැඳීම හේතුවෙන් වූ යම් සුවයක් සොම්නසක් උපදී නම් එයට ද සතුටු නො වෙයි. මෙසේ ස්ත්රී භාවයෙහි නො ඇලී ගිය සත්වයා බාහිර පුරුෂයන් කෙරෙහි බැඳීමට ද නො යයි.
මෙසේ ස්ත්රිය ස්ත්රී භාවය ඉක්මවයි.
පුරුෂයා පුරුෂ භාවය ඉක්මවීම පිණිස වූ විසංයෝගය (නො බැඳීම) කෙසේ වෙයි ද යත්;
පුරුෂයා පුරුෂ ආකල්ප, පුරුෂ සිතුවිලි, පුරුෂ ආකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂයෙකු සේ සැරසීම ආදී වූ තම පුරුෂ ඉන්ද්රිය මෙනෙහි නො කරයි. එහි නො ඇලී සතුටු නො වී ස්ත්රී ආකල්ප, ස්ත්රී සිතුවිලි, ස්ත්රී ආකාරය, ස්ත්රී කැමැත්ත, ස්ත්රී හඬ, ස්ත්රියක සේ සැරසීම ආදී වූ බාහිර ස්ත්රී ඉන්ද්රිය සිහි නො කරයි. ඔහු එහි නො ඇලෙයි. සතුටු නො වෙයි. ඔහු එහි නො ඇලී එහි සතුටු නො වී බාහිර ස්ත්රිය හා බැඳීමට බලාපොරොත්තු නො වෙයි. කැමති නො වෙයි.
ඒ බැඳීම හේතුවෙන් වූ යම් සුවයක් සොම්නසක් උපදී නම් එයට ද සතුටු නො වෙයි. මෙසේ පුරුෂ භාවයෙහි නො ඇලී ගිය සත්වයා බාහිර ස්ත්රීන් කෙරෙහි බැඳීමට ද නො යයි.
මෙසේ පුරුෂයා පුරුෂ භාවය ඉක්මවයි.
මහණෙනි, මෙසේ විසංයෝගය වෙයි.
මහණෙනි, මේ සංයෝගවිසංයෝග ධර්ම පරියාය(ක්රමය) යි.


Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top