"...!!!!... සංඝ රත්නය ...!!!..."
නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්යයක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ්රාවක වූ , ශාරිපුත්ර මෞද්ගල්යාන ආනන්ද රාහුලාදි පුද්ගල සමූහය ආර්යය සංඝරත්නය ය . පුද්ගලයන් අට දෙනෙකු ඇති බැවින් එයට අෂ්ටායර්යපුද්ගල මහා සංඝරත්නය යි කියනු ලැබේ . එ සංඝරත්නයට අයත් ආයර්ය පුද්ගලයෝ අට දෙන නම් -
01 , සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය .
02 , සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය .
03 , සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයා ය .
04 , සකෘදාගාමී ඵලස්ථ පුද්ගලයා ය .
05 , අනාගාමී මාර්ගස්ථ පුද්ගලයා ය .
06 , අනාගාමී ඵලස්ථ පුද්ගලයා ය .
07 , අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය .
08 , අර්හත් ඵලස්ථ පුද්ගලයා ය .
යන මොහු ය .
ආයර්ය පුද්ගලයන් අට දෙනා අතුරෙන් සෝවාන් පුද්ගලයා හට සක්කායදිට්ඨිය , විචිකිච්ඡා , සීලබ්බතපරාමාසය යන සංයෝජන තුන නැත්තේ ය . ඔහුට කාමරාගාදි අවශේෂ සංයෝජන ඇත ද , ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට මෙන් ඖදාරික පරිද්දෙන් නොව සියුම් ලෙසිනි . ස්වල්ප වශයෙනි . එබැවින් සෝවාන් වූ ආයර්යශ්රාවකයන් වහන්සේ අපායෝත්පත්තියට හේතු වන තරම් ඖදාරික පාපයන් නොකරන්නාහ . එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදනා හ . ඒ ජාතියේදී ම රහත් නොවී සසර උපදිතත් උපදින්නේ සුගතිභවයෙහි සත් වරක් පමණකි .
සෝවාන් ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ ඒ තත්ත්වයෙහි සිට නැවත ත්රිලක්ෂණ භාවනාවෙහි යෙදෙනුවෝ සකෘදාගාමී මාර්ගඥානයට පැමිණ කාමරාග සංයෝජනය හා ව්යාපාද සංයෝජනය තවත් තුනී කොට සකෘදාගාමී ඵලයට පැමිණෙන්නාහ .
සකෘදාගාමී ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවත ද විදර්ශනා කරන සේක් , අනාගාමී මාර්ගය ලබා , කාමරාග සංයෝජනය හා ව්යාපාද සංයෝජනය නිරවශේෂයෙන් ප්රහාරණය කොට අනාගාමි ඵලයට පැමිණෙන සේක .
අනාගාමි භික්ෂූන් වහන්සේ නැවත භාවනාවෙහි යෙදෙනුවෝ අර්හත් මාර්ගයට පැමිණ ඉතිරි සියළු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙන සේක . ඉන් පසු උන්වහන්සේ සංසාරයේ නැවත නූපදනා සේක .
ගෘහස්ථ භූමියෙහි සිටින බොහෝ මනුෂ්ය , දේව , බ්රහ්ම ආයර්ය පුද්ගලයන් ඇත ද , ඔවුහූ අධිශීල සංඛ්යාත උපසම්පදා ශීලයෙහි පිහිටියවුන් නොවන බැවින් සංඝ රත්නයට අයත් නොවෙති . මෙකල වෙසෙන පෘථග්ජන භික්ෂූන් වහන්සේ ආයර්යයන් නොවන නමුත් නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්යාත ආයර්ය ශිලස්කන්ධයෙන් යුක්ත ව , ආයර්යයන් වහන්සේලා අනුව පිළිපදනා බැවින් සංඝරත්නයට අයත් වන සේක . පරිජි ඇවතට පැමිණියෝ ද , උපසම්පදාව පිහිටිය හැකි සේ විනයාගත පරිද්දෙන් උපසම්පදාව නො ලබා , උපසම්පන්නයන් හැටියට පෙනී සිටින්නෝ ද සංඝරත්නයට ඇතුළත් නො වෙති .......!!!!!!!
සාදු... සාදු ... සාදු .......!!!!!!!
සියළුම දෙනාට ධර්මය අවබෝධ වේවා .......!!!!!!!
.jpeg)