භුස ප්‍රේතයා ගේ කථාව

0


භුස ප්‍රේතයා ගේ කථාව
 
එකෙකේ ගිනිගත් හැල්වී බොල් හිස විසුරුවා ගනී. නැවත තව ත් එකෙක් හිස සිඳීම ට පැමිණෙයි. මේ ස්ත්‍රිය ද තම පිට මස් හා ලේ අනුභවකරයි. තී ද අපවිත්‍ර වු පිළිකුල් කටයුතුවු අශුචි අනුභව කරහි. කවර අකුශල කර්මයක්හු ගේ මේ විපාකය වේ ද?

මේ තෙම පෙර මව ට හිංසා පීඩා කළේ ය. මෙ තෙම (දෙවැන්නා) වූ කලී වෙළෙන්දෙකි. මො තොමෝ මස් කා බොරු කීමෙන් වංචා කළේ ය. මම මිනිස් ලොව මනුෂ්‍යයෙක් ව සියලු කුශලය ට ඊශ්වර වු ගෘහපතියෙක් වීමි. ධනය ඇති කල් හි ම නැතැ යි අඟවා මෙයින් කිසිවක් නුදුනිමි. මෙය මා ගේ ගෙයි නැතැ යි බොරු කියමින් වසාලීමි. ඉදින් මා ගේ ගෙයි ඇති ව සඟවන්නෙම් නම් මා ගේ ආහාරය අශුචි වේ වා යි සපථ කළෙමි.

ඒ අකුශල කර්මයා ගේ ද මුසාවාද අකුශලයා ගේ ද, කර්ම දෙදෙනා ගේ විපාක හේතුවෙන් සුවඳල් සහල් බත මා හට අශුචි බව ට පෙරළෙයි.

කුශලා කුශල කර්මයෝ වඳනො වෙත්. එය කර්මය නො වැනසේ ම ය. දුගඳ වු හටගත් පණුවන් ඇති අශුචි අනුභව කරමි. පානය ද කරමි.

Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top