🌸🙏ආනන්ද තෙරුන්ගේ කථා වස්තුව 🌸🙏
" බබළන දේ මැද වඩාත් බබළන සේක භාග්‍යවතුන් වහන්සේමයි"
අපේ ආනන්ද මහරහතන් වහන්සේ ගැන කව්රුත් දන්නවා නොවැ.
උන්වහන්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ හැටියට වැඩ සිටියේ .
භාග්‍යවතුන් වහන්සේ පිලිබඳ අප්‍රමාණ ආදරයක් . භක්තියක්,
සෙනෙහසක්, කැපවීමක් තිබුනා.
ආනන්දයන් වහන්සේ ගේ ලෝකයේ වැඩසිටියේ භාග්‍යවතුන් වහන්සේ විතරයි . වෙනත් බාහිර දේවල් කිසිවක් උන්වහන්සේ තුල තිබ්බේ නැහැ.
මේ ලස්සන කථාව අපේ ඒ උත්තරීතර ආනන්ද තෙරුන් වහන්සේ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන කල්පනා කල ආකාරය ගැන පුවතක් .
ඒ දිනවල අප භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ මිගාරමාතු ප්‍රසාදය නම් වූ පූර්වාරාමයේ.
වස් කාලය අවසන් වෙලා....
මහා පවාරණය ආරම්භ වෙලයි තිබුණේ .
එදා කොසොල් රජතුමා මල් රැගෙන පූර්වාරාමයට ආවා.
හැබැයි එදා රජතුමා ආවේ සියලු රාජාභරණ වලින් සැරසිලා.
රජතුමා රාජ තේජසින් බබළන අයුරු හැමෝම බලාගෙන හිටියා.
ඔය අතරේ ඒ පිරිස් කෙලවරේ කාලුදායි මහාරහතන් වහන්සේ කිසියම් ධය්‍යානයකට සමවැදී නොසෙල්වී වාඩිවී සිටියා.
උන්වහන්සේ නමින් පමනි කාලුදායී වුනේ. උන්වහන්සේ දිලිසෙන රන්වන් පාටයි.
පූර්වාරාමයේ දම්සභා මන්ඩපයේ වැඩසිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ හැමටවඩා රන්වන් පාටින් දිලිසුනා.
ඔය අතරේ හිරු බැසයමින් තිබුනා .
එතකොට අපගේ ආනන්දයන් වහන්සේ වටපිටාව දෙස විමසිල්ලෙන් බලනවා.
හිරු බැබලි බැබළී බැස යනවා.
රජු පිරිස මැද බැබලි බැබළී ඉන්නවා .
කාලුදායී තෙරුන් වහන්සේ ධය්‍යානයට සමවැදී බැබලි බැබළී ඉන්නවා.
🌸🙏ඒ හැමදෙනා පරදා අපේ භාග්‍යවතුන් වහ්න්සේ. බැබලි බැබළී වැඩ ඉන්නවා🙏🌸
මෙය දුටු ආනන්දයන් වහන්සේට හරිම සතුටුයි.
ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කලා.
මෙහෙම කීවා
" ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ මොහොතේ පරිසරය බැබලි බැබළී තිබෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරේ භාග්‍යවතුන් වහන්සේ මයි අන් සියල්ලෝම අභිභවා බබලන්නේ.
භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීර වර්ණය සියක් වරක් ඔප දැමූ රන්වන් පාටින් දිලිසෙන අයුරු හරිම විස්මිතයි."
" ආනන්දයෙනි. ඒක එහෙම තමයි.
හිරු බබලන්නේ දවාලටයි.
රජු බබලන්නේ රාජාභරණයෙන් සැරසුනු, වෙලාවටයි.
රහතන් වහ්න්සේ බබලන්නේ පිරිසෙන් වෙන් වෙලා සමාපත්තියෙන් සිටින වෙලාවටයි.
බුදුවරු දිවා රාත්‍රීයෙහි ම. පස් වැදෑරුම් තේජසිකින් බබළනවා.
සීල තේජසින් බබලනවා.
ගුණ තෙජසින් බබලනවා.
පුණ්‍ය තේජසින් බබලනවා.
ධර්ම තේජසින් බබලන්වා.
අපේ ආනන්දයන් වහසේගේ ලස්සන දැක්ම මොනතරම් ම අගෙයිද බලන්න.
මෙයින් ව්ශාල පිරිසක් සෝවාන් ඵලයට ද පත් වුනා.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උපුටා ගැනීමකි.
.jpeg)