රාහුල කුමාරයාට තම පියා පිලිබඳව කෙරෙන මේ විශ්මිත හඳුන්වා දීම ඇය විසින් කෙසේ නම් කලේදැයි සිතීම පවා ආශ්චර්යයකි

0
යශෝධාරා උත්තම දේවිය විසින් මඟ වඩනා බුදුරජාණන් වහන්සේ පෙන්වා;


 මවක විසින් තම පුතාට තම පියාව හදුන්වා දෙනු ලැබූ එතෙක් මෙතෙක් ලිඛ්ත ඉතිහාසයේ සදහන් ලොව ව්ශිස්ටතම අසමසම ස්වාමි භක්තියකින් හෑගීම් වචනවලට ගොනුකර තම පුතාට පැහැදිලි කල ගෞරවාන්විතම සිදුවීම මෙම සිදුවීම වේ

☸ රාහුල කුමාරයාට තම පියා පිලිබඳව කෙරෙන මේ විශ්මිත හඳුන්වා දීම ඇය
විසින් කෙසේ නම් කලේදැයි සිතීම පවා ආශ්චර්යයකි. 

☸ ඒ වන විට යශෝධරාව
මාර්ගඵල හෝ ලබා සිටිය කෙනෙක් නොවේ. 

☸ එහෙත් බුද්ධ ශරීරය සහ ඒ මහා
පුරුෂ ලක්ෂණ අැය උපමා උපමේය ඇසුරෙන් ගොඩනගන අයුරු විචිත්‍රය ,
යශෝධරාවගේ සංසාර පුරුද්දම මේ සඳහා උපයෝගී වන්නට ඇතැයි සිතීම 
අපගේද ශ්‍රද්ධාව වඩන්නකි

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

👑 පාලි ගාථාව 👑

☸ චක්ක වරංකිත රත්ත සුපාදෝ                    
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී           
චාමර ඡත්ත විභූසිත පාදෝ                  
ඒසහි තුය්හ පිතා නරසීහෝ                

☸ සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ             
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

☸ පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාතෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ

☸ ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

☸ ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

☸ වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

☸ සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

☸ අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ

☸ ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිචේඨිත රූපෝ
සාවක මජ්ජගතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ -

👸 සිංහල තේරුම 👸

1. චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ
    ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ
    චාමර සත් බැබලෙන පා පතුලේ
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..

2. ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා
    පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා
    ලෝ යහපත වෙත ආ නරවීරා
     මේ උත්තම මුණි පුත නුඹේ පියා වෙයි

3. පුන්සද මෙන්  බැබලෙන පැහැ මුහුණයි
    දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි
    මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි
   මේ උත්තම මුණි පුත නුඹේ පියා වෙයි

4. අග්‍ර කුලය වූ කැත් කුල වංශේ
     දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ
      ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ
      මේ උත්තම මුණි පුත නුඹේ පියා වෙයි

5. උසින් දිගින් සුපිහිටි සොද නාසේ
     ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ
      දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ
      මේ උත්තම මුණි පුත නුඹේ පියා වෙයි

6. මනාව වටකොට සැදි ගෙල ඇත්තේ
    සිංහ හනුද මුව රජ වැනි සිරුරේ
   රන්පාටින් බැබලෙන ගත සිරියේ
   මේ උත්තම මුණි පුත නුඹේ පියා වෙයි

7. සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන
    හිංගුල කන්ද සෙ දිව යහපත් වේ
    විස්ස බැගින් යුත්  සමසතලිස් දත්
   මේ උත්තම මුණි පුත නුඹේ පියා වෙයි

8. සුසිනිල කේශය අඤ්ජන වර්ණය
    රන්පටයක් බඳු  නිමල ලලාටය
    ඕසධි තරුවක් සේ  පිරිසිදු විය
    මේ උත්තම මුණි පුත නුඹේ පියා වෙයි

9.අහස් කුසේ සරණා පුන්සඳ සේ
    තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්
    ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා
    මේ උත්තම මුණි පුත නුඹේ පියා වෙයි:

තෙරුවන් සරණයි:

Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top