#මම_නුඹේ_යශෝදරා ❤️
අභිණික්මනයට පෙර රෑ මැදියමේ
නුඹ පැමිණි වග දැණුනි මා හට
කෙලෙසද නුඹ සිතුවේ ස්වාමීනි
නුබේ පැමිණිම සයනය අසලට නොදැණුන බව මට
නොදන්නවාද නුඹ
මා නුබේ #යශෝදරා බව
දීපංකර පාද මූලයෙදී නුබේ පතිණිය වී හිදින්නට විවරණ ලබාගත් සංසාරය පුරාවටම
ඉතින් කෙලෙසද මා හට නොහැගෙන්නේ නුබේ සුසුම් හඩ පවා...
නමුත් දැන සිටියා මා
දුටුවොත් නුඹ මගේ කදුළු බාදවක්වන බව එය නුබේ ගමනට
ඉතින් සපථ කලා
නොහඩා දිරි දෙන්න නුබේ ගමනට කල්පකාලයක් සිදු කලාසේ....
දන්නවද ස්වාමීනි නුඹ
දිනක ලෝකයා පවසාවි #සිද්ධාර්ථගේ පතිණිය #යශෝදරා තරම් ප්‍රේමයට
අත්හැරිමට
දරාගැනීමට
සමකල කිසිවෙකුත් මෙලොව නොමැති බව...
එය එසේ සිදුවද්දි
ප්‍රේමයෙහි සියළු #පුරුෂයින්ගේ ප්‍රාර්ථනාවල ලැගුම්ගත් #ගැහැණිය
#සිද්ධාර්ථගේ #පතිණිය #යශෝදරා වීම තරම් තිබේද
භාග්‍යයක් මට තවත්...❤️🙏
මතක සිතුවිලි ❤️
(මලී)
#yashodara
#යශෝදරාවත
.jpeg)
